ඊයේ සවස අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ , නිහාල් ජයතිලක, ඒ කේ රණවක යන තිදෙනා රාත්‍රී 9.30ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන ගිය අතර එහිදී ඔවුන් තිදෙනා මැයි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුෙවල මහේස්ත්‍රත් අධිකරණය නියෝග කලහ.
හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ බන්ධනාගාර ගත කිරීමත් සමග මේ මොහොත වනවිට වැලිකඩ බන්ධනාගාරය අවට හා බේස්ලයින් පාරේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස් බල ඇණිද තැන තැන රඳවා ඇත.
පොදු දේපළ වංචා කිරීම යටතේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති සහ දිවි නැගුම අධ්යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවකද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලකද අත් අඩංගුවට ගත් බව බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිවේදී යූ.ආර්. ද සිල්වා මහතා ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කීවේය.
එම තිදෙනාගේ කට උත්තර අවසන් කිරීමට තව පැයක් පමණ ගතවනු ඇතැයි පොලිසිය කියයි.
එම කාර්යය හමාර කිරීමෙන් පසුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම පනත යටතේ වරදක් කර ඇතැයි කියන කෙනකුට ඇප නොලැබෙනු ඇතැයි නීතිඥවරු කියති.
දිවි නැගුම යටතේ ඉසුරු උදාන නම් වැඩසටහනින් මුදල් වංචාවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි. දිවි නැගුම වැඩසටහන යටතේ දිවි නැගුම සමුළුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක් වියදම් මගින් වංචා කළැයි මේ තිදෙනාට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.
---------------------------------------------------------------------------------
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මින් මදවේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසට කැඳවූ අතර පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 පමණ වනතෙක් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
No comments:
Post a Comment