වංචා දුෂණ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුකල විමර්ශනවලදී වරදකරුවන් බවට තහවුරු වී ඈති සියලු දෙනාට එරෙහිම අධි චෝදනා ගොනු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපති දෙපාර්තමේන්තුවට අද නියෝගකර ඇතැයි වාර්තාවේ.
මේ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු දැනටමත් අවසන් කොට ඇත.
මේ අනුව මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ඉදිරිදින කිහිපය තුලදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.
නීතිපති උපදෙස් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම් සිදු වනු ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
No comments:
Post a Comment