Sunday, September 7, 2014

අහස උසට යන නිමක් නැති නගරය......


අහස උසට යන අංග සම්පූර්ණ නගරයක් ලන්ඩනය තුළ ඉදිකිරීම සඳහා සැලසුම් කරමින් ඇත. නිමක් නැති නගරය ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය SURE ගෘහනිර්මාණ ශිල්ප සමාගමේ සැලැසුමකි.

මෙම නගරය මීටර් 300ක් පමණ උසින් යුතු ගොඩනැගිල්ලක් තුළ ඉදිකිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙය ලන්ඩනයේ ඇති උසම ගොඩනැගිල්ල වන ෂාඞ් කුළුණ හා සමාන මට්ටමේ ගොඩනැගිල්ලක් වනු ඇත.
වර්ගමීටර් 165855ක වර්ග ප‍්‍රමාණයක් ආවරණය කරනු ඇති මෙම ගොඩනැගිල්ලේ විවිධ මට්ටම් අන්තර් සම්බන්ධිත ආනත තල මගින් සම්බන්ධ කෙරෙනු ඇති අතර එමගින් විවිධ පහසුකම් සහිත වීදි මැදින් ඇවිද යන ආකාරයක හැගීමක් එහි පදිංචිකරුවන් වෙත ලබාදෙනු ඇතැයි පැවසේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඊටම අනන්‍ය පාරිසරික පද්ධතියක් ගොඩනැගිල්ල තුළම පිහිටා තිබීමයි. සුපිරි සාප්පු සංකීර්ණ, ක‍්‍රීඩා පිටි, පාරිසරික උද්‍යාන ආදී නගරයක ඇති සියලූම අංගයන් මෙහි අඩංගු වනු ඇත.

SURE සමාගම පවසා ඇත්තේ මේ ගොඩනැගිල්ලට අවශ්‍ය ව්‍යූහාත්මක සවි බලගැන්වීම වානේ නළ 6ක් විසින් සපුරනු ඇති බවයි.

ගොඩනැගල්ලේ ජල නළ පද්ධතිය සහ විදුලි රැහැන් පද්ධතියද එම වානේ නළ 6 තුළින් දිවෙනු ඇත.

එමෙන්ම මෙහි ඇති සුවිශේෂී හැඩය නිසා කෘත‍්‍රිම ආලෝකය සහ වායු සැපයුම අවම කිරීමටද හැකිවනු ඇතැයි පැවසේ.
end-city-01end-city-02end-city-03

end-city-05

No comments:

Post a Comment