බකමුණ, දියබෙදුම නාමල් වැව ප්‍රාථමික විදුහලේ 05 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට එම විදුහලේ විදුහල්පති විසින් තවත් සිසුන් පිරිසක් යොදවා පහරදී (ටොකු ඇණ) ඇති බවත් සිසුවිය පොළොන්නරුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිස් මූලස්ථානය පවසිය.
පාසල් දරුවන් යොදවා පස්වන ශ්‍රේණියේ දැරියකට ටොකු ඇන්නවීමට සැලැස්සවූ පොළොන්නරුව - දියබෙදුම - නාමල්ඔය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලිසිය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ දැරිය මේ වනවිට පොළොන්නරුව රෝහලේ නේවාසිකාව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. මෙම දැරියට සහ ඇගේ පන්තියේ තවත් දරුවන් තුන් දෙනෙකුට විදුහල්පතිවරයා ඊයේ එම පන්තියේම සිසුන් ලවා ටොකු අන්නවා තිබෙන්නේ පාසලේ පිරිසිදු කටයුතු නියමිත වේලාවට පෙර අවසන් නොකළ බවට චෝදනා කරමින්. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කේ.ඩබ්ලිව්. තරුෂි සිත්මිණී ශිෂ්‍යාව සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ විදුහල්පතිවරයා තමන්ට සහ තවත් සිසුන් තුන් දෙනෙකුට ටොකු අනින ලෙස අනිකුත් සිසුන්ට නියෝග කළ බවයි.
වරදට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.
No comments:
Post a Comment