ඌව පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස අගභාගයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ප්‍රකාශ කළා. රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ මස 30 වැනිදා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා කැදවීම සිදු කෙරෙන අතර එය අගෝස්තු මස 06 වැනිදායි අවසන් වන බවයි. එදින ඡන්ද විමසීම සිදු කෙරෙන දිනය පිළිබඳව දිස්ති‍්‍රක් ලේකම්වරුන් දැනුවත් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා.
පළාත් සභා ඡන්ද විමසීමට අදාල තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන රජයේ සේවකයන්ට ඒ සඳහා හෙට සිට ඉල්ලූම් කළ හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා. එම කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 06 වැනිදායි.
මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කර සිටියේ මොනරාගලට මන්ත්‍රී ධුර 3ක් වැඩිකරනු ලැබුවේ යාල වනෝද්‍යානයේ සිටින සතුන් සඳහා ද යන්නයි.
කෙසේ වෙතත්, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය කියා සිටියේ මෙලෙස මන්ත්‍රී ධුර සංඛ්‍යාව වෙනස් කරනු ලැබුවේ කාගේ හෝ බලපෑමක් මත නොවන බවයි.
No comments:
Post a Comment