Apple සමාගමේ නිල ලාංඡනය (Official logo) වෙනස් කර ඇති බවට ඉන්ටර්නෙට් ඔස්සේ විවිධ ප්රවෘත්ති පළවෙමින් තිබේ.
මෙම නව ලාංඡනයෙහි හැඩයෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර ඒ සඳහා දේදුන්නේ පාට (Rainbow colours) යොදාගෙන ඇති ආකාරය දක්නට ලැබේ.
කෙසේ වෙතත්, මෙය Apple සමාගමේ නිල ලාංඡනය නොවන බව අනාවරණය වී ඇත.මෙම නව ලාංඡනයෙහි හැඩයෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර ඒ සඳහා දේදුන්නේ පාට (Rainbow colours) යොදාගෙන ඇති ආකාරය දක්නට ලැබේ.
එම ලාංඡනය යොදාගෙන ඇත්තේ, පසුගිය දිනෙක ඇපල් සමාගම සැන් ෆ්රැන්සිස්කෝහි පැවැත්වූ පෙළපාළියක් සඳහා ය.
එම පෙළපාළියට ලෝකයේ රටවල් රැසක වෙසෙන ඇපල් සමාගමේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.
ඒ සඳහා Apple නිල ලාංඡනය දේදුන්නේ පාටවලින් හැඩ ගන්වා ඇත්තේ, එම සමාගම සමානාත්මතාවට සහ විවිධත්වයට ගරු කරන බව හුවා දැක්වීමේ අරමුණිනි.
No comments:
Post a Comment