Monday, July 7, 2014

පාලිත තෙවරප්පෙරුම හෙට ඉල්ලා අස්වෙයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය හෙට (08) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වෙත භාර දෙන බව එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම පවසනවා.
අලූත්ගම පසුගිය දා ඇති වූ සිද්ධියේ වගකීම භාර ගනිමින් පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මීට පෙර මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශ කළා. එසේ නොවුණහොත් තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට සිදුකළ ප‍්‍රකාශය අනුව හෙට දිනයේදී තමන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ.

No comments:

Post a Comment