Tuesday, June 24, 2014

යුධ අපරාධ සාක්‍ෂි දෙනවානම් රැකවරණය අපි දෙනවා – ඇමරිකාව

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත් කර ඇති යුධ අපරාධ පරීක්‍ෂන කමිටුවට සාක්‍ෂි දෙන පුද්ගලයන්ගේ ආරක්‍ෂාව ඇමරිකාව විසින් බලාගන්නා බව දකුණු හා මධ්‍යම ආසියාව බාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අතුල් කෙෂ්ට් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ සිදුවූ දෙමළ ජාතික සන්ධාන නායක හමුවේදීය.

ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙන ආවේ ඇමරිකාව වන නිසා ඊට සාක්‍ෂි දෙන්නන් ආරක්‍ෂා කිරීමද තම වගකීමක් වන්නේ යයිද ලේකම්වරයා එහිදී සඳහන් කර  ඇත.

No comments:

Post a Comment