Saturday, June 14, 2014

'සිළුමිණ' අතිරේක සඟරා විනාශ කරයි

ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පත සමග මෙම ඉරිදා බෙදාහැරීමට තිබු රසඳුන, ශාස්ත්‍රීය අතිරේකය සහ අත්වැල අධ්‍යාපනික අතිරේකය මුළුමනින්ම විනාශකර දමා ඇතැයි වාර්තාවේ.


ඉරිදා සිළුමිණ පුවත්පත සමග පිදෙන මෙම අතිරේක සිළුමිණ ප්‍රධාන කොටසට පෙර අලෙවි නියෝජිතයින් වෙත යැවීම සාමාන්‍ය සම්ප්‍රදය වේ. ඒ අනුව මෙවර බ්‍රහස්පතින්දා බෙදාහරිනු ලැබූ එම අතිරේක වහාම සිකුරාදා හා සෙනසුරාදා විශේෂ වාහන හා අතිරේක කාර්ය මණ්ඩල යවා යලි එකතු කරනු ලැබූ බව පැවසේ.

එම අතිරේක කිසිඳු හේතුවක් නිසා වෙළඳ පොලට නිකුත් නොකරන ලෙස අලෙවි නියෝජිතයින්ට දැඩිව අවවාද කර ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට අපහාසවන වාර්තාවක් එම අතිරේකයක පලව ඇති බව වාර්තාවීමත් සමග මෙසේ යලි එම අතිරේක සියල්ල එකතුකර විනාශ කරන ලෙස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්ම කුමාර මහතා උපදෙස් දී ඇති පැවසේ.

අනතුරුව 'රසඳුන' අතිරේකය සිළුමිණ වෙබ් අඩවියෙන් ද ඉවත්කර ඇත.

එම තත්වය යටතේ 'සිළුමිණ; පුවත්පතේ මුල් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.

'' තාක්ෂණික දෝෂයක් නිසා සිළුමිණ සමඟ පිදෙන මෙවර පළ නොවේ. ලබන ‘සිළුමිණ’ පත්‍රයේ සුපුරුදු ලෙස එම අතිරේක පළ වන බව කරුණාවෙන් සලකන්න. අපේ පාඨකයන්ට මේ නිසා සිදුවන අපහසුව ගැන කනගාටුව පළ කරමු.'' ras

No comments:

Post a Comment