Sunday, June 15, 2014

සංගා - මහේල සම්බන්ධතා ලයිස්තුවේ 3 වැනි තැනට

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (14 වැනිදා) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් පැවැත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ලෝකයේ හොඳම සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ 3 වැනි ස්ථානය අත්කරගෙන සිටිති.

මේ වන විට ටෙස්ට් තරග 112 කදී එක්ව කී‍්‍රඩා කරමින් ලකණු 6115 ක සම්බන්ධතා ගොඩනංවා සිටින මහේල සහ සංගක්කාර දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනාත් (6920) අසූව දශකයේදී කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් යුගළය වූ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් (6482) දෙදෙනාත්ය.

ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සංගක්කාර සහ මහේල දෙදෙනාගේ 17 වැනි ශතක සම්බන්ධතාව එයයි.

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර ඉහළම සම්බන්ධතා පැවැත්වූවෝ..
පිතිකරුවෝකාලයතරගලකුණුහොඳම සම්බන්ධතාවසාමාන්‍යයශතක සම්බන්ධතා
රාහුල් ද්‍රාවිඩ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)1996-2012143692024950.5120
ගෝර්ඩ්න් ග්‍රිනිජ් - ඩෙස්මන්ඩ් හේන්ස් (බ.ඉ.කෙදෙව්)1978-1991148648229847.3116
මහේල ජයවර්ධන - කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)2000-2014112611562457.117
මැතිව් හේඩ්න් - ජස්ටින් ලැන්ගර් (ඕස්ට්‍රේලියාව)1997-2007122608125551.5314
ඇලිස්ටෙයාර් කුක් - ඇන්ඩෲ ස්ට්‍රෝස් (එංගලන්තය)2006-2012132525322940.414

No comments:

Post a Comment