පැය 24 ක් තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටි තවත් තරුණියක් ඝාතනය වීමේ සිදුවීමක් අද අලුයම මාතලෙන් වාර්තා විය.
මෙසේ ඝාතනයට ලක්වුණේ මාතලේ වරාපිටියේ බාහිර උපාධි අපේක්ෂිකාවකි.සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියක් ඊයේ අලුයම ඝාතනයට ලක්වුණේ ඇල්පිටියේදී ය.
මාතලේ, වරාපිටියේදී ලලනි නිශානි වරාපිටිය නමැති 23 හැවිරිදි තරුණියක් අද අලුයම ඝාතනයට ලක්ව තිබුණි. ඇය සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය.
ඊයේ එම නිවසේ සාදයක් තිබූ බවත්, රාත්‍රීයේ මව සමග නින්දට ගිය ඇය උදෑසන පෙනෙන්නට නොසිටි බවට ඇගේ සොහොයුරන් තිදෙනාගෙන් එක් අයෙකු දැනුම් දුන් බවත්, පොලීසිය පැවසීය.
පොලීසිය ප්‍රකාශ කළේ, නිවසේ සිට මීටර 150 ක් පමණ දුරින් පිහිටි ළඳු කැළෑවකින් ඇගේ නිරුවත් සිරුර හමුවූ බව ය.
මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.එල්. වෛද්‍යරත්න මහතා අද පස්වරුවේ එහි පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්විය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුණේ මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතායි.
පොලීසිය ප්‍රකාශ කළේ, එම තරුණියගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාලයක් දක්නට ලැබුණු අතර, සිරුර සෝදා තිබූ ආකාරයක් නිරීක්ෂණය කළ බව ය.
ඝාතනයට ලක් වූ තරුණියගේ සිරුර අසළින් ඇය හැඳ සිටි ඇඳුම් සොයාගත් අතර ඒවාද සෝදා තිබූ බව, පොලීසිය පැවසීය.
ඇල්පිටියේ සිරසවි සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන තිබුණා.
මාතලේ වරාපිටියේදී ඝාතනයට ලක්වු තරුණිය ඇඳ සිටි ඇඳුම් සෝදා ඇත්තේ නිල සුනඛයින්ගෙන් බේරීමේ අරමුණින් ද ?
මාතලේ, වරාපිටිය ඝාතන සිද්ධියේ පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ තරුණියගේ සිරුරේ මෙන්ම ඇය නිදා සිටි කාමරයේද ලේ පැල්ලම් දක්නට තිබු බව ය.
ඊයේ රාත්‍රී එම තරුණිය පාවිච්චි කළ බව සැළකෙන පොරෝනය නිවස අසළ ඇළක තිබී අද පෙරවරුවේ සොයා ගැනිණ.
මව සමග එම තරුණිය ඊයේ රාත්‍රී 11 ට පමණ සිය නිවසේ කාමරයක ඇඳක නිදන්නට ගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ පොර බැදීමක සලකුණක් හෝ දක්නට නොතිබූ බව ය.
No comments:
Post a Comment