එළෙබෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉදිරිපත් කිරීම සාකච්ඡාවක ගැන වෙබ් අඩවියක් මඟින් හෙළි කිරීම නිසා රජ ගෙදර කළබල වී තිබේ. මේ සම්බන්ධයෙන් අරලිය ගහ මැදුරේ පසුගියදා යම් සාකච්ඡාවක් ඇතිව තිබේ.
ජාති ආගම් භේදයකින් තොරව පවතින සංගක්කාරගේ ජන්ප්‍රියත්වය උගත්කම හා ඔහුගේ චතුර කතිකත්වය ආදී හේතු මෙන්ම ඔහුගේ දේශපාලන සවිඥානකත්වය කවරෙකුට වූවද අභියෝගාත්මක බව මෙහිදි එක්තරා උපදේශකයකු විසින් පෙන්වාදී ඇති අතර ඒ සංගක්කාර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඔහුට ප්‍රතිචාර දැක්වීම සඳහා පාවිච්චි කළ යුත්තේ එම මට්ටමේ ප්රහාරයන් නොව වෙනත් මඩ ප්රහාරයන් බවටද සාකච්ඡාවට ලක් කර ඇත.
විශේෂයෙන්ම ඔහුගේ පෙළපත සිංහල බෞද්ධ නොවන වෙනත් ජාතිකත්වයකට දක්වන සම්බන්ධතාවය හා ඔහුගේ බිරිඳ යෙහාලි ගේ ඇතැම් අසම්මත චර්යාවන් ( මේ වන විටත් අන්තර්ජාලයේ සංගාගේ බිරිඳගේ ලිංගිකමය චර්යාවක් සහිත ඡායාරූප කිහිපයක් දකින්නට ලැබේ) හෙළිදරව් කිරීමත් ආදීය හෙළිකළ හැකි බව එම සාකච්ඡාවට සහභාගී වූ නියෝජ්‍ය ඇමැතිවරයකු පෙන්වාදී ඇත.
කෙසේ නමුත් සංගක්කාර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඊට සංගක්කාරගේ බිරිඳගේ සහ පවුලේ හිතවතුන්ගේ සහය මේ වන විටත් ලැබී තිබේ. සංගා එක්සත් ජාතික පක්ෂයෙන් මීළඟ මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වනු ඇති බවටද එජාප ප්‍රබලයකු විසින් මීට පෙර පවසා තිබුණි.
මේ අතර තවත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු (හිටපු නායකයකු - ඇතැම් විට ඩිල්ශාන් විය හැක) ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කැමැති බව විපක්ෂයේ ප්‍රබලයකු හා පවසා තිබේ.
සංගාගේ බිරිඳ මැද. මහේලගේ හා රසල් ආනෝල්ගේ බිරිඳ දෙපස සිටී
උපුටා ගැනීම - මාධ්‍යවේදීයා වෙබ් අඩවිය
ප.ලි.
මෙම ඡායාරූප මෙම බ්ලොග් අඩවියේ පලකලේ අපගේ ක්‍රිකට් විරුවාට අපහාස කිරීමට හෝ ඔහුගේ කීර්ති නාමයට කැළලක් සිදුකිරීමට නොව මෙම රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති ඔහගේ චරිත ඝාතනය පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා පමණක් බව කාරුණිකව දන්වා සිටිමි.
No comments:
Post a Comment