Monday, March 3, 2014

ගලබොඩ හාමුදුරුවන්ගේ සිවුරු අද ගැලවේ?

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර තමන් ට එල්ල කළ චෝදනා ඔප්පු කරන ලෙස බුදුපුත් රැකවරණ සදහම් පදනමේ අනුශාසක මාලැව්වේ කල්‍යාණධම්ම හිමි අභියෝග කරති.
එම චෝදනාවලට තමන් වහන්සේ වැරැදිකරු ලෙස ඔප්පු කළහොත් ජාතියෙන් හා ශාසනයෙන් සමාව ගෙන උපැවිදි වීමට සූදානම් බව ඒ හිමියෝ අවධාරණය කළහ.

එම චෝදනා ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ඥානසාර උපැවිදි වන්නේ දැයි කල්‍යාණධම්ම හිමියෝ ප්‍රශ්න කළහ.

කලපළුවාව දැනට එම හිමියන් වැඩවසන කුලී නිවෙසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අභියෝගය ඉදිරිපත් කළහ.

තමන් සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ඔප්පු කරන්නැයි පවසමින් උන්වහන්සේ පහත සඳහන් කොන්දේසි පහ ඥානසාර වෙත ඉදිරිපත් කරයි.

* තමන්වහන්සේ නමට ඇතැයි පවසන තෑගි ඔප්පු තුන මාධ්‍යයට හා තමන්ට ඉදිරිපත් කළ යුතුය.

* ඉඩම්වලට ඔප්පු කිහිපයක් සාදා මුදල් වංචා කළා යැයි කියන එක් පුද්ගලයකු හෝ ඉදිරිපත් කළ යුතුය.

* ලංකාවේ හෝ විදේශයක තමන් වහන්සේ සතු ඕනෑම ගිණුමක රු. 2,000කට වඩා ඇති බව ඔප්පු කළ යුතුය.

* බොදු බල සේනාවට මඩ ගැසීමට කොන්ත්‍රාත්තුව භාරදුන් ඇමැතිවරුන් තිදෙනා හා තමන් වහන්සේ අතර ඇති සම්බන්ධය ඔප්පු කළ යුතුය.

* දැනට විභාග වෙමින් පවතින ඉඩම් නඩුව හා තමන් වහන්සේව කලපළුවාව පන්සලෙන් එළවීම අතර ඇති සම්බන්ධය පැහැදිලි කළ යුතුය.

ඉහත අභියෝග 5 ඥානසාර හිමියන් වෙත ඉදිරිපත් කරන ඒ හිමියෝ මාර්තු 3 වැනිදා එනම් අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙය ඔප්පු කිරීමට පැමිණෙන ලෙසට ඉල්ලීමක්ද කරති.

සියලු භික්‍ෂුන් වහන්සේට හා බෞද්ධයන්ට එදිනට පැමිණෙන්නැයි ආරාධනා කරන ඒ හිමියෝ තමන් වහන්සේගේ වැරැදි බව ඔප්පු වුවහොත් දඬුවම් දීමට ගලක් රැගෙන එන්නැයිද ඉල්ලා සිටිති.

ලංකාවේ සියලු නිකායවල මහනාහිමිවරු, අනුනාහිමිවරු මෙම ගැටලුව පිළිබඳ දැනගෙන සිටියද බොදු බල සේනාවට ඇති බිය හා නිකාය ගැටලු හේතුවෙන් මේ පිළිබඳ කිසිදු අදහසක් හෝ මැදිහත්වීමක් නොදක්වන අතර මෙතෙක් ඒ පිළිබඳ සොයා බැලූ එකම හිමියන් වන්නේ බෙංගමුවේ නාලක නාහිමි පමණක් බවද ඒ හිමියෝ අවධාරණය කළහ.

මෙහිදී අභියෝග ඉදිරිපත් කළ ලිපිය ලෙයින් හා රුපියල් 50ක මුද්දර මත අස්සන් කළ ඒ හිමියෝ එම ලිපි මාධ්‍ය වෙත ලබාදුන් අතර තමන් උකස් තිබ්බ ඔප්පුව බේරාගෙන ඇති බවද කීහ.

No comments:

Post a Comment