Sunday, March 2, 2014

හරිම අමාරුවෙන් නවත්ත ගන්නේ - නදීශා හේමමාලි

zmmfr .yoaÈ mqreoaog ux kegfjkj'' fï ldf, nEfka''
නිළියන් දන්නේ ගැයුම් වැයුම් රැගුම් ගැන මිස දේශපාලනය ගැන නොවන බවත් ඔවුන් දේශපාලනයට එන්නේ ප්‍රසිද්ධියටපත් නමට ලැඛෙන ඡන්දගත හැකි නිසා බවත් කියැවෙන විවේචනය තහවුරු කරන කථාවක් පසුගියදා රූපවාහිනී වැඩසටහනකට ආ ටෙලි නිළි නදීශා හේමමාලි හෙළි කළා.

දකුණු පළාතට එජාපයෙන් තරග වදින ඇය පසුගියදා නාම යෝජනා භාර දෙන්නට ගිය අවස්ථාවේ සහයෝගී පිරිස රැස්ව පපරේ සංගීත අංගයක් වාදනය කළ ස්ථානයකදී නටන්න කැමැත්තෙන් සිටියත් ඡන්දෙ ඉල්ලන මේ කාලයේ එසේ කිරීම නොගැළපෙන නිසා එසේ නොකර නලියමින් අමාරුවෙන් සිටි බවත් ඇය විසින් අවංකවම හෙළි කර තිබුනේ පහත පරිදිය.

“ඇත්තටම කියන්න..මං පුදුම අපහසුතාවයකින් හිටියෙ. සාමාන්‍යයෙන් මං ඉතාමත්ම සතුටින් සැහැල්ලූවෙන් ජීවිතේ ගතකරන කෙනෙක්. 
පපරෙ බෑන්ඩ් එක ඇහුණ විතරයි මට නැටවෙන්න වගේ ආවා...හිහ් හිහ්..මං කිව්වා..මේ සින්දුව දැම්ම නම් මට වැඩිදුරක් යන්න හම්බ වෙන්නෑ..මං පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නම් කියලා.. ඊට පස්සෙ මංම හිතාගත්තා නදීෂා..ඔබ දැන් ඡන්දෙ ඉල්ලනවා..පරිස්සමින් ඉන්න..
එහෙම කියල හිතල යන්තම් ෂේප් වුණා.. අදත් එහෙම වුණා..යන්තම් බොහොම අමාරුවෙන් නැවතුනේ..“

මෙම හෙළිදරව්ව කළ හිරු ටීවී කොපි චැට් වැඩසටහන් කොටස පහතින්

No comments:

Post a Comment