Monday, March 3, 2014

රාජිතටත් 'ඉන්න බැරිනම් පලයන්' කියයි

ජිනිවා යෝජනා සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයාට ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න කිව්වා සේ රාජපක්ෂවරු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ජාතිවාදී ස්ථාවරය ප්‍රසිද්ධියේ විවේචනය කරන ඇමැති රාජිත සේනාරත්නටත් 'ඉන්න බැරිනම් පලයන්' යනුවෙන් විධානයක් නිකුත් වී ඇති බව දැන ගැනීමට තිබේ.
රාජිත ඇමතිවරයා පසුගිය කාලයේදී ඇතැම් තීරණ සහ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු දැඩිව විවේචනය කළ අතර පසුගිය දිනෙක ජිනීවා යෝජනාවට අදාළව තිබූ ඇමැති මණ්ඩල ‍රැස්වීමේදී ද ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය දැඩිව විවේචනය කළේය. එහිදී දහතුන් වැනි සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කළ යුතුය යන මතයේ ඔහු සිටියේය.

රාජිත පක්ෂ, ආණ්ඩු මාරු කළද තමන් ජාතික ගැටළුව සම්බන්ධයෙන් දරණ ස්ථාරවරය විටින් විට වෙනස් නොකරන ලද දේශපාලඥයෙකි.

කෙසේ නමුත් මේ විධානය සම්බන්ධයෙන් රාජිත තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

No comments:

Post a Comment