රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයේ ප්‍රතිපල පිළිබඳව කතාබහකට එක්වුණා’ එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයට අනුව රජය ගැන කියවෙන දහවැන්නට අධිපති කුජ ග්‍රහයා මේ වන විට ඉතාම බලවත් බවයි’ පවතින ග්‍රහ තත්වය අනුව එදාමෙදාතුර නොලැබූ මැතිවරණ ජයග්‍රහණයක් ආණ්ඩු පක්ෂය මෙවර ලබන බව ඔහු පැවසුවා’
දකුණ සහ බස්නාහිර පළාත් සභාව විසිරුවා හැරි ජනවාරි 12 වනදා හි පැවති බලගතු බව නිසා එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අභ්‍යන්තර ගැටුම් පවා ඇති වූ බවද ඔහු පවසනවා’ මාර්තු 29 වනදා ද එවන් බලගතු දිනයක් බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදා නොලැබූ ජයක් ප්‍රතිශතාත්මක වශයෙන් විශාල වැඩි වීමක් සමග ලබන බව ඔහුගේ අදහසයි’
එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පවා වෙනස් වූ මේ අවස්ථාවේ ඔවුන්ගේ ඡන්ද වැඩිවන එකක් නැද්ද?
ග්‍රහ පිහිටීම් අනුවයි මම මේ කියන්නේ’ ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය” ප්රජාතන්ත්රවාදී පක්ෂය වගේ පක්ෂවලත් ඡන්ද වර්ධනයක් පේන්න නැහැ’
බස්නාහිර පළාත් මහඇමති ධුරය ලැඛෙන්නේ ප්‍රසන්න රණතුංග මහත්මයටද? උපාලි කොඩිකාර මහත්මයටද?
ආණ්ඩුවේ වගේම විපක්ෂයෙත් බොහෝ දෙනෙක්ගෙ හඳහන් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මම පරීක්ෂා කරලා තියෙනවා’ සමහරුන්ගේ හඳහන් මට ලැඛෙන්නේ ඔවුන්ගේ ඥාතීන්ගෙන්’ මම ඒ අනුවයි මේ කියන්නේ’ පළාත් දෙකේම මහ ඇමතිවරු හිටපු අයමයි’ ප්‍රසන්න රණතුංග මහත්මයගේ කේන්ද්‍රය මේ වෙලාවේ බලවත්’
දකුණේ ශාන් විජේලාල් මහත්මයත් නිදහසෙන් පස්සේ කවුරුත් නොගත් ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා’ මම මේ කියන්නේ හඳහන්වල හැටියටයි’තව විශේෂ දෙයක් කියන්න තියෙනවා’ ඒ” භාරත ලක්ෂ්මන් මහත්මයාගේ දුව ගැන’ ඇය අපි කවුරුවත් නොහිතපු ජයක් ලබනවා’ පියාට යන්න බැරිවුණ ගමන ඇය යනවා’
ඒ කියන්නේ හිරු‚කා කොළඹින් මුල් තැනට එනවද?
මෙහෙම එකක් මම කියන්නම්’ කවුරුත් නොහිතන ඡන්ද ප්‍රමාණයක් ඇය ලබනවා’ පියා නොගිය ගමන ඇය යනවා’
දකුණේ නළු නිළියන්ට මොනවා වෙයිද?
ඒ ගොල්ලෝ යන්තම් එහෙන් මෙහෙන් ෂේප් වෙයි’
No comments:
Post a Comment