Thursday, March 13, 2014

අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් චීන මුහුදේ.

මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් දකුණු චීන මුහුදේ පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කර ඇතැයි චීනයේ මාධ්‍ය වාර්තා කළා. චීන රජයට අයත් වෙබ් අඩවියක මුහුදේ පාවෙමින් තිබෙන කොටස් කිහිපයක ඡායාරූප පළකර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම කොටස් අතුරුදන්වූ ගුවන් යානයේද යන්න පිළිබඳව මේ වනතුරුත් පරීක්ෂණ අංශ විසින් සනාථ කර නැහැ. ඉදිරි පැය 24 තුළ මෙම කොටස් සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණීමට හැකිවනු ඇති බවයි චීන බලධාරීන් උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කළේ.

No comments:

Post a Comment