Friday, February 28, 2014

කිසිදාක ලංකාවෙන් හමු නොවූ කුඩු වර්ගයක් පස්සරින් අල්ලයි

ශ‍්‍රී ලංකාව තුල කිසිම ස්ථානයකින් මෙතෙක් හමු වී නැති මත්කුඩු වර්ගයක් සහිත කුඩා පැකට් 28 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් මත බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මුදා හැර තිබේ.
එම මත්ද්‍රව්‍ය පැකට් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසද පස්සර පොලීසියට අධිකරණය විසින් නියෝග කර ඇත.

නගරයේ වාහන පරීක්‍ෂාවක යෙදී සිටි නිළධාරීන්ට ඇති වූ සැකයක් මත මෙම පුද්ගලයා පරීක්‍ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට් හමු වූ බවත් ඒ අනුව මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ පස්සර පොලීසියේ නිළධාරීන් පැවසීය.

No comments:

Post a Comment