එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය ජාතික ඩේවිට් කැමරන් ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමට යන අවස්ථාවේදී ලංකාවේ ගායකයින් පිරිසක් විසින් බ්‍රිතාන්‍ය විරෝදී සංගීත වීඩිවෝවක් නිර්මාණය කර තිබේ.
රුක්ෂාන් පෙරේරා,සුනිල් පෙරේරා, සමග සොහාන් වීරසිංහ මෙම සංගීත වීඩියෝවේ ගීතය ගායනා කරයි.
මෙම සංගීත වීඩියෝව මගින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිට් කැමරන් ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත දැඩිලෙස විවේචනය කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන ලංකාවට විරුද්ධව කටයුතු කරන බවද ඔහු මෙම වීඩියෝව මගින් සඳහන් කර තිබේ.
මෙම සංගීත වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා නිවුස් වෙත අදහස් දැක්වූ රුක්ෂාන් පෙරේරා
ඩේවිට් කැමරන් ලංකාවට ඇවිල්ල ලංකාවට විරුද්ධව වැඩ කටයුතු කලා ඒ වෙලාවෙ තමයි මෙවැනි දෙයක් කරන්න ඕන කියල මට අදහසක් ආවෙ. දැන් එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පැමිණෙන නිසා ඒකත් එක්කම මෙම වීඩියෝව එලි දක්වනවා.
අනිත් රටවල අය ලංකාවට උදවු කරන්නෙ නැතිව අපිව පහලට දාන්න කටයුතු කරනවා.යුද්දෙ ඉවර කරලා සාමයෙන් සංහිඳියාවෙන් ඉදිරියට යන ගමනට ඔවුන් බාදා කරනවා.අපේ රටේ ජනතාව අතර තියෙන සංහිඳියාව නැති කරල රට බෙදීමට කටයුතු කරනවා.මේකට අපි කැමති නෑ කියල පෙන්නන්න තමයි අපි මේ වීඩියෝව කළේ.
මේ සිංදුව ලියල පෙන්නුවහම ජිප්සීස් සුනිලුයි,සොහානුයි ඒකට කැමති වුනා.
වීඩියෝව නරඹන්න :- http://www.youtube.com/watch?feature=player_embedded&v=aRDHMmfv9js
No comments:
Post a Comment