Sunday, February 23, 2014

සියවසක් පැරණි මේ ඡායාරූපයේ දැක්වෙන තැන ඔබට හඳුනාගත හැකිද?


මෙම ස්ථානය ගැන යමක් කියන්නට පෙර මෙම ඡායාරූපය ගැන යමක් කිව යුතුයි. මේ ඡායාරූපය ලබාගෙන ඇති වසර ලෙස සඳහන් වන්නේ 1913 වසරයි. ඒ කියන්නෙ මීට හරියටම අවුරුදු 100කට ඉස්සර...මේ ඡායාරූපයේ පහලින් වම්පැත්තට බරව තියෙන්නෙ ඉදිකරමින් පවතින දුම්රිය වේදිකාවක කොටසක්.. 


A අකුරින් සඳහන් කල ඊතලයෙන් දැක්වෙන්නෙ දුම්රිය මාර්ගයේ ඉදිකරනු ලැබූ කුඩා පාලමක්. ඊට මෙහායින් දුම්රිය මාර්ගය වංගුවක් ආකාරයට හැරෙන තැන ආසන්නයේ සිග්නල් කැබින් එකකුත් දැක ගන්නට පුලුවන්..ඇත්තටම මේ කොහේද?පුංචි ඔත්තුවක් මෙන්න, මේ දුම්රිය වේදිකාවත්, පුංචි පාලමත්, දුම්රිය මාර්ගයත් හැරෙන්නට මේ ඡායාරූපයේ තියන කිසිම දෙයක් මේ විදියට දැන් දැකගන්නට ඉතිරිවෙලා නෑ.මේ අවුරුදු 100කට කලින්..කොහේද...?ඔබ විස්වාස කරන්නෙ නැති තැනක්..මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වර්තමාන 4 වෙනි වේදිකාවෙ කොම්පඤ්ඤවීදිය පැත්තෙ කෙළවර...! (ඡායාරූපවල පූර්ණ අයිතිය සහ සංරක්ෂනය නලින් අබේසිංහ සතුය)

අපේ රටේ ගොඩාක් අය උදේ හවස දුම්රියෙන් යනවා...
එදිනෙදා කටයුතු සඳහා ගොඩාක් අය දුම්රිය යොදා ගන්නවා..
.ඒත් ගොඩාක් අය දුම්රියේ ගියාට දුම්රිය පිළිබදව දුම්රිය සේවය පිලිබදව මනා දැනුමක් නෑ....
දුම්රිය සේවයේ නොදුටු පැත්ත ඔයාලට ගෙන ඒමටයි අපේ අරමුණ...
විස්තරාත්මකව කිව්වොත් අපේ රටේ දුම්රිය ස්ථාන,දුම්රිය මාර්ග ගැන, දුම්රි එන්ජින් ගැන, අපේ රටේ දුම්රිය අලුත් වැඩියා කෙරෙන්නේ කොහොමද..දුම්රිය සේවයේ නොදුටු පැත්තේ ගොඩාක් දේවල් අපි ඔයාලට ගේන්න බලපොරොත්තු වෙනවා...
ඒකයි අපේ අරමුණ..
ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම ගොඩක් මහන්සි වෙනවා...
දුම්රිය පිලිබදව සෑම අස්සක් මුල්ලක් නෑර ගවේශනය කරල ඔබ වෙත වටිනා වැදගත් හරවත් යමක් ගේන ඒමයි අපේ මූලික අරමුණ ..
අපේ දුම්රිය ලෝකය ගැන දැනගන්න එක් වන්න අප සමග...
--අපි--
දුම්රිය දැවැන්තයින්ගේ හඩ: Train Simulator Srilanka




x

No comments:

Post a Comment