හලාවත - තාල්අඩියවැල්ල ප‍්‍රදේශයේ වයස අවුරුදු 17ක තරුණියක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ සිරුරට ගිනි තබාගෙන බරපතල තුවාල ලැබූ මෙම තරුණිය හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි. පේ‍්‍රම සම්බන්ධතාවයක් මත මෙම තරුණිය ගිනි තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඇයගේ මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශාරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
No comments:
Post a Comment