Wednesday, July 29, 2015

මහින්ද රාජපක්ෂගේ තුරුම්පුව නැවත වරදී!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙරපීම සඳහා මධ්‍යම කාරක සභාව රැස්කිරීමට දැඩි උත්සාහයක යෙදුණු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ බව වාර්තා වේ.
කෙසේ හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කර, මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඒ මහතාගේ සභාපති ධූරය ඉවත් කොට මහින්ද රාජපක්ෂ හට පක්ෂයේ බලය නතු කිරීම මහින්දවාදීන්ගේ ඒකායන ප්‍රාර්ථනය විය.

මෙම අදහස මතුපිටට නොපෙන්වා, ශ්‍රීලනිපයේ සමාජිකත්වය දරමින් යහපාලන පෙරමුණ වෙනුවෙන් එළඹෙන මහාමැතිවරණයට තරඟ කරන සාමාජකයින් ඉවත් කිරීමට මධ්‍ය කාරක සභාව රැස් කරන මුවාවෙන් මෛත්‍රී පැන්නීමේ කාර්යය සිදු කිරීම රාජපක්ෂ බලකායේ සැලසුම විය.

නමුත් මේ බැව් කල් තියා දැනගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (28) අහෝසි කර ඇත. ඒ අනුව රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එස්.බී. නාවින්න, එම්. කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන රණතුංග යන අයගේ සාමාජිකත්වය පක්ෂයේ සභාපති ධුරය විසින් අහෝසි කර ඇත.

ඒ අනුව ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ඒ අනුව මැතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ බලයෙන් පහකර බලය තමන් සතුකර ගැනීමේ මහින්ද සිහිනය බොඳවී ගොස් තිබේ.

No comments:

Post a Comment