Wednesday, July 29, 2015

මහින්දගේ ජාතිවාදී බළලා බොදු බල සේනා මල්ලට පනී!

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමක 'සිංහලේ කොඩි' ඔසවා තිබූ අතර, ඒවායේ ඡායාරූප ගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පියා මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයන්ගේ 'අත්අඩංගුවට' පත්වීමේ සිද්ධියක් වාර්තා වේ.
එම සිදුවීම ලංකාදීප වෙබ් අඩවියේ පහත ලෙස වාර්තා කර තිබුණි.

"හැඩි දැඩි ආරක්ෂකයෝ අපේ ඡායාරූප ශිල්පියාගේ උරහිස්වලින් වැරෙන් අල්ලා තදකරගෙන ආරක්ෂකයන් පිරිසක් සිටි තැනකට ඔහු රැගෙන ගොස් කැමරාව ඔවුන් භාරයට ගෙන එම කොඩි කනුවලින් ගලවන තෙක් ඔහු රඳවා ගත්හ. පොලිස් ආරක්ෂකයන් බව කියන එම පිරිස ඔහුට අනියමින් තර්ජනය කළේ එම පින්තූර පළ නොකරන ලෙසයි."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියේ වම් පසින් දෙමළ හා මුස්ලිම් ජාතින් නියෝජනය කිරිම සදහා තැඹිලි සහ කොළ පැහැති තිරු දෙකක් තිබිය යුතුය. ඒ තුලින් රටේ ජාතික සමගිය පෙන්නුම් කරනු ලබයි.

පසුගියදා සිදුකරනු ලැබුණු උද්ඝෝෂණ කිහිපයකට යොදාගත් "සිංහලේ කොඩිය" නමින් හඳුන්වනු ලබන කොඩියෙහි ජාතික සමගිය පෙන්නුම් කරනු ලබන එම වර්ණ තීරු ඇතුලත්ව නොතිබිණ.

පසුගිය මාර්තු මස දෙවනදා "ස්වරණ හංස පදනම" නම් සංවිධානයක් විසින් ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු ජාතික කොඩිය පහත දමා සිංහලේ කොඩිය එසවීම හේතුවෙන් මෙම කොඩිය සම්බන්ධව මෑතකාලීනව වඩාත් කතාබහට ලක්විය.

එසේම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කඳවු අවස්ථාවේදී ද එහි ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙදී ද "සිංහලේ කොඩිය" ප්‍රදර්ශනය කෙරුණු අතර ජාතික කොඩිය අවභාවිතා කළ බවට ඔවුන්ට චෝදනා ද එල්ල විය.

බොදු බල ව්‍යාපෘතියක් :
මේ අතර, බොදු බල සේනා සංවිධානය 'නාගයා' ලකුණින් 'බොදු ජන පෙරමුණ' (BJP) නමින් මෙම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, රටේ නම "සිංහලේ" ලෙස නීති ගත කිරීමත්, 1815 ට පෙර හා 1948 ඔසවන ලද " සිංහ" කොඩිය ජාතික කොඩිය ලෙස නීති ගත ගත කිරීම පිණිසත් තම පක්ෂය කටයුතු කරන බව ඔවුන් අවධාරණය කර සිටියි.

ඒ අනුව මහින්දගේ එක්සත් ජනතා සන්ධානය හා බොදු ජන පෙරමුණ (බොදු බල සේනාව) වෙන් වෙන්ව ඡන්දය සඳහා තරඟ කළද මෙම දෙපාර්ශවයම පෙනී සිටින්නේ එකම අරමුණු වෙනුවෙන් බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වේ.

No comments:

Post a Comment