Monday, February 24, 2014

ලෝකය බ්ලැක් ලිස්ට් කළ හොර චීන සමාගමකට ලංකාවේ අග නගරය සින්නකර ලියා දීලා....


රාජපක්ෂලා මේ සියවසේ කළ මහා දේශද්‍රෝහී ක්‍රියාව ආචාර්ය හර්ෂ හෙළිකරයි: "බොරුයි කියන්නේ නම් මා මන්ත්‍රීකම අතහැර ගෙදර යනවා"----

"මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට නොවිකුණ බවට පොරොන්දු වූ ආණ්ඩුව ඉදිකරනු ලබන කොළඹ වරාය නගරයෙන් අක්කර 108 ක් හොර චීනුන්ට ලියා දී ඇතැයිද ඉන් අක්කර 50 ක් සින්නක්කරව ලියා දී ඇතැයිද පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළි කරයි. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී රාජපක්ෂලා සිදුකර ඇති මහා දේශද්‍රෝහී ක්‍රියාව සාක්කි සහිතව හෙළි කරමින් ආචාර්ය හර්ෂ මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවට අයත් මුහුදු ගොඩ කරමින් කොළඹ වරාය ආසන්නයේ නගරයක් ඉදිකිරීම සඳහා ආණ්ඩුව මේ වන විට කටයුතු කොට තිඛෙනවා.ඒ අනුව අක්කර 576 ක් හෙවත් හෙක්ටයාර් 233 ක පමණ ප්‍රදේශයක මුහුදු ගොඩ කිරිමට නියමිතයි. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1337 කි. ඒ අනුව එක් හෙක්ටයාරයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5.7 ක් ද, පර්චසය මිල රුපියල් මිලියන 1.8 ක් ද වනවා. මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට නොවිකුණ බවට පොරොන්දු වූ ආණ්ඩුව ඉදිකරනු ලබන කොළඹ වරාය නගරයෙන් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සින්නක්කර විකිණිමට සැලසුම් කොට තිඛෙනවා.

මුහුද ගොඩ කිරීම සඳහා කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්තාත්තුව බාර දී තිඛෙන්නේ 'චයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි' ( සී.සී.සී.සී.) සමාගමටයි. මුහුද ගොඩ කීරීමෙන් පසු සැකසෙන ගොඩබිමෙන් හෙක්ටයාර් 20 ක් (අක්කර 50 ක් පමණ) සින්නක්කර ලෙස විකිණීම සඳහා එම සමාගමට ගිවිසුම් මගින් එකඟ වී තිඛෙනවා.

එමෙන්ම තවත් හෙක්ටයාර් 88 ක් චීන සමාගමට 99 අවුරුදු බද්ද යටතේ ලබාදීමට ද ආණ්ඩුව එකඟ වෙලා. ඒ අනුව චීනයට කොළඹ වරාය නගරයෙන් හෙක්ටයාර 108 ක් හිමි වනවා. රුපියල් මිලියන 1.8 කට පර්චසයක මිල තක්සේරු කොට චීන සමාගමට බාර දීමට කටයුතු කොට තිබුණත් කැබිනට් පත්‍රිකාව අනුව එහි සැබෑ වටිනාකම රුපියල් මිලියන 8 ක් පමණ වෙනවා.

කොළඹ වරාය නගරයේ පර්චසයක මිල රුපියල් මිලියන 8 කට තක්සේරු කළත් චීන සමාගම විසින් එය ඊට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට නියමිත බව ද අනාවරණය වනවා. එසේ සිදු කරන්නේ කොළඹ අවට පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, දෙහිවල, කෝට්ටේ ආදී ප්‍රදේශවල ඉඩම් මිල අඩු කොට එම ඉඩම් ආණ්ඩුවට සහ ආණ්ඩුවේ හිතවතුන්ට ලබාගැනීම සඳහායි. කොළඹ ඉඩම්වල මිල පහත දැමීමෙන් මධ්‍යම පාන්තිකයන්ගේ වත්කම් කුණුකොල්ලයට ගෙන ආණ්ඩුවේ මාෆියාවට සම්බන්ධ ගෝලයින්ට අලෙවි කිරීමට පිඹුරු පත් සකස් කොට අවසානයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ෙජ්මිස් පැකර් විසින් කැසිනෝ සංකීර්ණය ඉදිකිරීමටද නියමිතයි. ඉන් පැහැදිලි වන්නේ නාගරික සංවර්ධන අධිකාරියත් , කැසිනෝ හිමිකරුවන් අතරත් අනොන්‍ය සම්බන්ධයක් පවතින බවයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර දෙකහමාරක ඉඩමේ කැසිනෝ සංකිර්ණය ඉදිකරන බව රවී විෙජ්රත්න නැමැති ව්‍යාපාරිකයාගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිඛෙනවා. 

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් කොන්ත්‍රාත්තුව පවරා දී තිඛෙන 'චයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි' සමාගම ඉතා දූෂිත ආයතනයක් ලෙස ලෝක බැංකුව විසින් 2009ජනවාරි මාසයේ සිට බ්ලැක් ලිස්ට් ගත කොට තහනම් කර තිඛෙනවා. එම නිසා එම ආයතනයට ලෝක බැංකුව සමග කිසිදු ගනුදෙනුවක් කිරීමට හැකියාවක් නැහැ.එම ආයතන දූෂිත නොවන බව ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නම් ඕනෑම අභියෝගයක් බාර ගැනීමට මම සුදානම් බව ද කිව යුතුයි. 2017 වසර වන තුරු ලෝක බැංකුව විසින් එම ආයතනය දුෂිත ආයතනයක් ලෙස තහනම් කොට නොමැති බව ආන්ඩුවේ කවුරුන් හෝ ඔප්පු කරන්නේ නම් මා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වී ගෙදර යනවා.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව , ජාත්‍යන්තර මූලය අරමුදල ආදී ආයතන කොන්දේසි පනවන්නේ විනිවිද භාවයක් සහ යහපාලනයක් ඇති කිරීම සඳහායි.නමුත් 'චයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි' සමාගම කිසිදු කොන්දේසියකින් තොරව ඉදි කිරීමේ කටයුතු සිදු කිරීමට ආයෝජනය කරනවා.

'චයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි' සමාගමට අනුබද්ධ 'චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි' ආයතනය හම්බන්තොට වරායේ පළමු අදියර ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වන බව මුලදී ප්‍රකාශ කොට මුහුදේ ගලක් ඇතිබව කියමින් එය ඩොලර් මිලියන 500 දක්වා ඉහළ දැමුවා. එමෙන්ම 1.3% ට ලබා ගත් පොලිය 6.3 % දක්වා වැඩි කිරීමට ද එම ආයතනය කටයුතු කළා. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ දෙවන අදියරත් ඉදි කිරීම සඳහා එම සමාගමට ඩොලර් මිලියන 810 ක පමණ ආයෝජන අවස්ථාවක් ලබා දී තිඛෙනවා. එම කොන්ත්‍රාත්තුව ලබා දි තිඛෙන්නේ 2010 දෙසැම්බර් 31 වෙනිදායි. එනම් ලෝක බැංකුව විසින් එම සමාගම දූෂිත සමාගමක් බවට තහනම් කිරීමෙන් අනතුරුවයි.

කිසිදු ටෙන්ඩර් කැඳවිමකින් තොරව ඩොලර් මිලියන 210 ක් ආයෝජනය කොට මත්තල ගුවන් තොටුපොළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ද එම සමාගමටයි. එමෙන්ම මත්තල ගුවන් තොටුපොළ පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක තවත් කොන්ත්‍රාත්තුවක් පසුගිය 2013 සැප්තැම්බර් 9 වැනිදා ඉතා රහසිගත ලෙස එම දූෂිත සමාගමට ලබා දී තිඛෙනවා. මත්තල ගුවන් තොටුපළ පුළුල් කිරිමට ආණ්ඩුව කටයුතු කළත් මේ වන විටත් ඊට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ.එම නිසා ගුවන්තොටු පොළ වසා දැමීමට සිදු වෙලා.

මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකරනු ලැබු කිලෝ මිටර 67ක දිගින් යුතු අධිවේගී මාර්ගයේ ඩොලර් මිලියන 400 ක පමණ කොන්ත්‍රාත්තුවක් එම සමාගමට ලබා දී තිඛෙන්නේ ද කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි. ඒ අනුව එම මාර්ගයේ එක් කිලෝ මීටරයක් ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 6 ක් පමණ අවම වශයෙන් වැය වෙනවා. එනම් රුපියල් කෝටි 78 ක් එක කිලෝමීටරයකට. එම සමාගම ගාල්ල සිට මාතර දක්වා කිලෝ මිටර් 30 දිගින් යුතු අධිවේගී මාර්ගය ඉදි කළේ ඩොලර් මිලියන 180 ක් වැය කරමිනි. එහෙත් කොට්ටාවේ සිට පින්නදූව දක්වා වූ අධිවේගී මාර්ගයේ එක් කිලෝ මීටරයක් ඉදි කිරීම සඳහා වැය වු මුදල මෙන් දෙගුණයක් වියදම් වන බව චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි සමාගම ඇස්තමේන්තු කරනවා.

චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි සමාගම දූෂිත ආයතනයක් බවට තහනම් කිරීමට ලෝක බැංකුව පියවර ගත්තේ හේතුන් කිහිපයක් මතයි. පිලිපීනයේ අධිවේගී මාර්ගයක කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 3.6 ඇස්තමේන්තු කොට තිබුනත් එම සමාගම ඩොලර් මිලියන 6ක් පමණ අයකොට තිඛෙන බව ලෝක බැංකුවත්, පිලිපීන රජයත් සිදු කරන ලද විමර්ශනයකින් හෙළි වී තිඛෙනවා. එමෙන්ම 2012 වසරේදී මැලේසියාවේ කිලෝ මීටර් 23 ක පාලමක් ඉදිකිරීමේ දී වංචාවක් කර තිඛෙන බව ද එරට අධිකරණය පිටු 35 ක වාර්තාවක් මගින් මෑතක දී හෙළිදරව් කොට තිඛෙනවා.

2009 දී බංගලාදේශයේ චිතගොං වරාය ඉදි කිරීමේ දී කොකෝ රහ්මන් නැමැති අයකුගේ සිංගප්පූරුවේ පිහිටි බැංකු ගිණුමකට ඩොලර් මිලියන 1.8 ක් බැර කිරීමේ වංචාවක් ද හෙළි වුණා. ගයනාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් 2012 දී ඩොලර් මිලියන 150 ක් වැය කොට ඉදිකිරීමේ දී එම සමාගම විසින් වංචා කොට ඇති බව ද හෙළි වුණා. එමෙන්ම පැපුවා නිව්ගිනියාවේ ගේම්ස් විලේජ් නැමැති ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 105 ක පමණ මුදලක් වැය කොට වංචා කොට ඇති බව ද හෙළිදරව් වී තිඛෙනවා.

එවැනි රටවල් 'චයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි' සමාගම වංචා සහගත සමාගමක් බව හෙළිදරව් කොට තිඛෙන නිසා ලෝක බැංකුව එම සමාගම තහනම් කිරීමට කටයුතු කළා.එසේ එම සමාගම තහනම් කොට තිබිය දී උගන්ඩාවේ කම්පාලා නුවර සිට එන්ටැබේ දක්වා ඩොලර් මිලියන 350 ක් වැය කරමින් මාර්ගයක් සකස් කිරීමට භාර දුන්නේ ඇයිදැයි එරට ජනතාව මේ වන විට ප්‍රශ්න කරනවා.

එහෙත් එලෙස තහනම් කරන ලද සමාගමකට ශ්‍රී ලංකාවේ මුහුද ගොඩ කර අක්කර 576 ක නගරයක් ඉදි කොට පර්චසයක් රුපියල් මිලියන 1.8 සිට මිලියන 8 දක්වා විකිණීමට අවස්ථාව ලබා දීම මගින් මධ්‍යම පාන්තිකයන්ගේ ඉඩම් කුණු කොල්ලයට ලබා ගැනීමටත් , ඒවා ආණ්ඩු වේ හිතවතුන්ට අලෙවි කිරීමටත් කටයුතු කරමින් සිටිනවා" යැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment