Tuesday, February 25, 2014

වෛද්‍ය සේවා ව්‍යවස්ථාව හොරෙන් වෙනස් කරලා: සල්ලි තිඛෙන මීහරක් වෛද්‍යවරුන් කිරීමේ එස්බීගේ සහ දොස්තර පා(වා)දෙණියගේ කුමන්ත්‍රණය හෙළිවේ------


හොරිකඩ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දඩමීමා කරගනිමින් මාළඹේ පිහිටි නීති විරෝධී පෞද්ගලික වෛද්‍ය උපාධි කඩය නීතිගත කරවාගැනීමේ වෑයමක තොරතුරු හෙළිවී ඇත. එනම් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා වෛද්‍ය සේවයට බඳවාගැනීමේ පටිපාටියේ වගන්ති වෙනස්කර එමගින් හොර වෛද්‍ය උපාධි නීතිගත කරවා ගැනීමට ය.

සවිස්තර කුමන්ත්‍රණය මෙසේය.

2006/6 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සියළු රජයේ සේවකයන්ගේ වැටුප්, දීමනා හා සේවා උසස්වීමේ ක්‍රමවේදය සංශෝධනය වී ඇති නමුත් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ එම සංශෝධන මෙතෙක් යාවත්කාලීන කර නොමැත. ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවිධ අවස්ථා වල වෛද්‍යවරුන් විසින් රජයට යෝජනා කළ නමුත් එය දිගින් දිගටම ප්‍රමාද කරනු ලැබිණි. මෙය නිසි පරිදි ඉටුකරගන්නා බවට පාරම්බාමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුරට දොස්තර අනුරුද්ධ පාදෙණිය පත්වී දැනට වසර 3 කි. එම වසර 3 ක කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හොරිකඩ කම් කරන වෘත්තීය සමිති රේටින්ග්ස් වල ඉහළම අගයක් වාර්තා කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආදී වෘත්තීය සමිති වලින් ගත් සියළු ජනහිතකාමී වෘත්තීය අරගල වලදී කකුලෙන් අදිමින් හොරිකඩ කම් කළේ දොස්තර පාදෙණියගේ නායකත්වයෙන් යුත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයයි. දොස්තර පාදෙණියගේ නායකත්වයෙන් යුත් මෙම වෘත්තීය සමිතිය තම සාමාජිකයන්ගේ සේවා ව්‍යවස්ථාව සංශෝධනයට බලකරමින් වැඩ වර්ජන කැඳවා කිසිදු ඉල්ලීමක් දිනාගැනීමකින් තොරව හිටිහැටියේ අකුලාගත් හොරිකඩ ක්‍රියාමාර්ග වල දින වකවානු මෙසේය.

• 2012.10.24- වැඩ වර්ජනය නිවේදනය කිරීම
• 2012.10.25- වැඩ වර්ජනය අකුලා ගැනීම 
• 2013.04.11- වැඩ වර්ජනය නිවේදනය කිරීම 
• 2013.04.24- වැඩ වර්ජනය අකුලා ගැනීම 
• 2013.10.28- වැඩවර්ජනය නිවේදනය කිරීම 
• 2013.10.31- වැඩ වර්ජනය අකුලා ගැනීම 
• 2014.01.23- වැඩවර්ජනය නිවේදනය කිරීම 
• 2014.01.29- වැඩ වර්ජනය අකුලා ගැනීම (සේවා ව්‍යවස්ථාව මගින් වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණයට අනුබල දුන් මහා පාවාදීමත් සමග) 

මෙහි අවසන් අවස්ථාවේ (2014.01.29) දින රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වෛද්‍යවරුන්ගේ පත්වීම් හා උසස්කිරීම් වලට අදාල සේවා ව්‍යවස්ථාව අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගහැර කෙලින්ම කැබිනට් අනුමැතියට යැවීමට එකඟ වී ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව යනු රජයේ සියළු සේවකයන්ගේ පත්වීම් හා උසස්වීම් නියාමනය කරන කිසිදු දේශපාලන බලයකට බලපෑම් කළ නොහැකි ව්‍යවස්ථාදායකයට පමණක් වගකියන එකම රාජ්‍ය ආයතනයයි. එවැනි ස්වාධීන ආයතනයක නිර්දේශ මගහැර කෙලින්ම කැබිනට් අනුමැතිය ගැනීම නීති විරෝධී කටයුත්තකි. එසේම දේශපාලන ඇඟිලි ගැසීම් වලට අතවැනීමකි.

එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් දොස්තර පාදෙණිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න හා ඇමති එස්.බී දිසානායක යන කුමන්ත්‍රණ කරුවන් විසින් වෛද්‍ය සේවා, සේවා ව්‍යවස්ථාවේ බඳවාගැනීමේ පටිපාටිය සූක්ෂම ලෙස වෙනස්කර මාලඹේ හොර උපාධි කඩයෙන් බිහිවන කිසිදු පුහුණුවක් හෝ සුදුසුකමක් නැති හොර දොස්තරලාද රජයේ සේවයට බඳවාගත හැකි ලෙස සංශෝධනය කර ඇත. (මාලඹේ හොර දොස්තර කඩයට විරුද්ධව කෑගසමින් සිටි දොස්තර පාදෙණියගේ පුද්ගලික ලිපිගොනුව එස්.බී. විසින් උස්සා දොස්තර පාදෙණිය මේච්චල් කරගත් හැටි අපි මෙයට පෙර ලිපියකින් ඔබ වෙත හෙළි කෙළෙමු)

වෛද්‍ය සේවා ව්‍යවස්ථාවේ බඳවාගැනීමේ පටිපාටියට අදාළව දැනට පවතින 5.2 වගන්තිය මෙසේය.

“Candidates who pass the Final examination of the Faculty of Medicine, the University of Colombo, Ruhuna, Peradeniya, Jaffna, and Kelaniya will have to serve a period of internship for one year at a hospital recognized by Sri Lanka Medical Council. On successful completion of internship, they will be recruited as Medical Officers and appointed to the Preliminary Grade subject to the availability of vacancies provided in the financial estimates of the year. Such officers will be appointed on three year probation.”

කුමන්ත්‍රණකාරීලෙස සංශෝධනය කර හොර පාරෙන් කැබිනට් අනුමැතිය ගෙන එළිදක්වන්නට යන නව සේවා ව්‍යවස්ථාවේ ඇති වගන්තිය මෙසේය.

“Candidates who pass the Final examination of the Faculty of Medicine, the University recognized by University Grant Commission will have to serve a period of internship for one year at a Teaching Hospital. On successful completion of internship, they will be recruited as Medical Officers and appointed to the Preliminary Grade subject to the availability of vacancies provided in the financial estimates of the year. Such officers will be appointed on three year probation.”

ඒ අනුව මෙලෙස සංශෝධිත වෛද්‍ය සේවා ව්‍යවස්ථාව නීතිගත කළහොත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත් ඕනෑම වෛද්‍ය විද්‍යාලයකින් (මාලඹේ හොර උපාධි කඩය පිළිගත් එකක් බව එස්.බී විසින් දැනටමත් ගැසට් කර ඇත.) සමත්වන පුද්ගලයකු ශික්ෂණ රෝහලක (මාලඹේ දොස්තර කඩයේ ඇති කිසිදු ප්‍රමිතියක් නැති බාහිර ප්‍රතිකාර ඒකකය (OPD) ශික්ෂණ රෝහලක් යයි දැනටමත් ප්‍රචාරය කරමින් පවතී. සීමාවාසික පුහුණුවෙන් පසු රජයේ සේවයට බඳවාගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය නියාමනය කරන ස්වාධීන ආයතනය වන වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි රෝහලක් යන කොටස සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව ලංකාවේ සිටින සියළුම හොරුන්ගේ, පාතාල නායකයින්ගේ හා කුඩු කාරයන්ගේත් උන්ට අනුබල දෙන දේශපාලන හැතිකරයේත් විනාශකාරී දරු මුණුබුරු රැළක් වෛද්‍යවරුන් ලෙස ඉදිරියේදී රාජ්‍ය සේවයට එක්වීමට නියමිතය.

මෙම හොර සංශෝධන සහිත සේවා ව්‍යවස්ථාවක් තමන්ගේද අනුදැනුමකින් තොරව කැබිනට් අනුමැතියට යැවුණේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ සිටින ප්‍රගතිශීලි වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම විමතියට හා කලකිරීමට පත්ව ඇත. වෙනත් සේවා ව්‍යවස්ථා පිටපතකට විධායක කමිටු රැස්වීමේ අනුමැතිය ලබාගෙන අදාළ කුමන්ත්‍රණකාරී ව්‍යවස්ථා පිටපත හොර පාරෙන්ම කැබිනට් අනුමැතියට යවා ඇති බවත් ඔවුහු පවසති.

දැනටමත් රටේ සිටින දොස්තරලා කරන තුප්පහි ක්‍රියාවන්ට අමතරව මෙවැනි මීහරකුන් රැළක්ද රටේ වෛද්‍යවරුන් ලෙස සමාජගත වුවහොත් මහජනයාට අබ සරණය.

No comments:

Post a Comment