Wednesday, October 14, 2015

මහින්ද හෙට ජනපති කොමිසමට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට හෙට කැඳවීමක් කර තිබේ.
හෙට පෙරවරු 9.00ට මෙම කැඳවීම සිදුකර ඇති බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය රූපවාහිණී නාලිකාවක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්ය.

මීට පෙර මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

කෙසේවෙතත් හෙට දිනයේ සිය කොමිසම වෙත පැමිණෙන බවට මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment