Wednesday, July 29, 2015

සෑම මුස්ලිම්වරයකු ත්‍රස්තවාදියෙක් යැයි කිව්වේ නෑ- බොදු බල සේනා

සෑම මුස්ලිම්වරයකු ත්‍රස්තවාදියකු ලෙස සන්නාම කරමින් හා පහර දෙමින් බොදු බල සේනා මහා ලේකම් ඥානසාර හිමි බොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මැතිවරණ සටන ආරම්භ කල බවට මුස්ලිම් කවුන්සිලයේ නිලධාරියකු හා මාධ්‍ය ආයතන ප්‍රධානියකු වන හිල්මි අහමඩ් මහතා කරන ලද ප්‍රකාශය ( Ven. Galagoda Aththe Gnanasara Thero, the General Secretary of the Bodu Bala Sena, the Bodu Janatha Peramuna (BJP) and candidate for the Kalutara District, has launched his political campaign by once again attacking and branding every Muslim as a terrorist, මුලාශ්‍රය -https://www.colombotelegraph.com/index.php/muslim-hating-ven-gnanasara-thero/) බොදු බල සේනා හා බොදු ජන පෙරමුණ දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරයි.
මෙලෙස බොරු ප්‍රකාශ කිරීමේ සංස්කෘතියක් යම් පිරිස් වලට උරුම වීම, මෙවැනි මාධ්‍යකරණයක නිරත් වීම තුලින් මුස්ලිම් බෞද්ධ විරසකයක් ඇති කිරීම, ජාත්‍යන්තර අවධානය හා අරමුදල හිඟා කෑම මෙන්ම දේශපාලන වාසි ලබා ගැනීම විවිධ පාර්ශව උත්සාහ කිරීම හා මෙමගින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ ගැනීම මෙවැනි ක්‍රියාදාමයන් ඔස්සේ විද්‍යාමාන වන බව එම පෙරමුණ වැඩිදුරටත් පවසා සිටී.

මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය පවසා සිටින්නේ ...

බොදු බල සේනා හා බොදු ජන පෙරමුණ හැමවිටම ප්‍රකාශ කලේ අප විරුද්ධ වනුයේ මුස්ලිම් පිරිස් වලට නොව ඉස්ලාමික අන්තවාදය හා ත්‍රස්තවාදයට බවය. කෙසේ වුවද පසුගිය දා මියගිය ISIS සාමාජිකයා අප රටේ තිබෙන විද්වත් යැයි කියා ගනු ලබන ඉස්ලාමික සංවිධාන හා නායකයින් සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම ගැනද ඔවුන්ගේ අරමුදල් ලැබීම් පිලිබඳ වද ඉතා සැලකිලිමත් විය යුතුය.

2015 ජුලි මස ISIS සමග පිලිබඳ පැවැත්වූ මාධ්‍ය සාකච්ජාව, ජනාධිපතිවරයාට යැවූ ලිපිය මෙන්ම පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල පිලිබඳ හොඳින් බලන ඕනෑම සාමාන්‍ය කෙනෙකුට පවා අප සාමාන්‍ය මුස්ලිම් පිරිස් ට ඇති අවධානම පමණක් නොව ISIS ත්‍රස්තයින් පුනරුත්ථාපනය කිරීම ගැන පවා කලපනා කර ඇත.

මේ අසත්‍ය ජාතිබේදවාදී ප්‍රකාශය පිලිබඳ විරෝධය දැක්වීමටත්, පොලීසියට පැමිණිලි කිරීමටත්, නඩු පැවරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව දැනුම් දෙමු.

ISIS ත්‍රස්තයින්ට සාමාජිකයින් වර්ධනය කරන ආකාරයේ කැත මාධ්‍යකරනයෙන් හා ප්‍රවර්ධනයෙන් වලකින ලෙස මේ සියලු පාර්ශව වෙත් දැඩි අවවාදයක් කරන බව බොදු බල සේනා හා බොදු ජන පෙරමුණ ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment