Monday, February 24, 2014

වීරවංශගේ නළු අපේක්ෂක රොජර් සෙනෙවිරත්න 'අතිශයින්ම ජනතා කකුල් කැඩීමට පමණයි': අධිකරණය තීන්දු කරයි-----



යකඩ පොල්ලකින් පහර දී ව්‍යාපාරිකයෙකුගේ පාදයකට බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාවට එජනිස හිටපු පළාත් සභා මන්ත්‍රී මෙවර අපේක්ෂක සහ නළුවෙකුද වන රොජර් වැන්ඩර්වෝල් හෙවත් රොජර් සෙනෙවිරත්න වරදකරු කළ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න බරපතල වැඩ සහිත දෙවසරක සිරදඩුවමක් ද රුපියල් 3500 ක දඩයක් ද ලක්ෂ දෙකක වන්දියක්ද නියම කළාය. සිර දඩුවම පසුව වසර 5 ක් දක්වා අත්හිටුවීය.
පාදයට සිදු වූ හානියට එම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරිය එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමටත් එකී දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක බරපතල සිරදඩුවම් ලබාදීමටත් නියම කළාය.

පෙර කී රුපියල් 3500 දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩසහිත මාස හතරක සිරද`ඩුවම් ලබාදීමට ද විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

රොජර් සෙනෙවිරත්න මෙකී අපරාධය සිදුකර වසර 10 ක අධික කාලයක් ගතවීමෙන් පසුව නඩු තීන්දුව ලබා දීමෙන් ලංකාවේ අධිකරණයේ කාර්යක්ෂමතාවය මොනවට පැහැදිලි වේ.

රොජර් සෙනෙවිරත්න ප්‍රසිද්ධියට පත් වීමට පෙර විවාහක දෙදරු පියෙකුව සිටියේ ය. එකළ රැකියාවක් පවා නොතිබූ ඔහුට කන්න බොන්න දුන්නා පමණක් නොව අඳින්නට 'ලන්කට්' එක පවා අරන් දුන්නේ රජයේ රැකියාවක් කළ බිරිඳය. පසුව රොජර් සෙනෙවිරත්න ප්‍රසිද්ධ චරිතයක් වීමත්, මුදල් ගැවසීමත් සමග එතෙක් තමාට සැලකූ බිරිඳ සහ දරුවන් අතහැර ටෙලිනාට්‍යයක් රූපගත කිරීමට නිවස දුන් ව්‍යාපාරිකයෙකුගේ ධනවත් බිරිඳක් රැගෙන පලා ගියේ ය. ව්‍යාපාරිකයා තම බිරිඳ සොයා පැමිණි අවස්ථාවකදී රොජර් සෙනෙවිරත්න ව්‍යාපාරිකයාගේ කකුල කැඩෙන්නට යකඩ පොල්ලකින් පහරදුන්නේ ය. අද නඩු තීන්දුව දුන්නේ එකී පහර දීමට රොජර් සෙනෙවිරත්න වැරදි කරු කරමිනි.

අවස්ථාවාදීන්ගේ සහ නූගතුන්ගේ අම්බලම වන විමල් වීරවංශගේ පක්ෂයෙන් පසුව එජනිස දේශපාලනයට පැමිණි රොජර් සෙනෙවිරත්න පසුගිය බස්නාහිර පළාත් සභාවට පත් වූ අතර මෙවර ද වීරවංශගේ පක්ෂයෙන් එජනිසයෙන් මහජනයාගෙන් ඡන්දය ඉල්ලා සිටී. ඔහුගේ මෙවර සටන් පාඨය වී තිබුනේ 'අතිශයින්ම ජනතා සේවයට පමණයි' කියා වුවද මෙකී නඩු තීන්දුවෙන් පසුව එය 'අතිශයින්ම ජනතා කකුල් කැඩීමට පමණයි' යනුවෙන් වෙනස් කරගත යුතු යැයි මහජනතාව කියති.

1 comment: